බෝධි ධම්ම විහාර භූමිය ගොඩනැගීමේ කටයුතුවල ඉතාමත් වැදගත් කඩඉමක් වෙත පසුගිය දා ලඟාවුණි.

විජය ශ්රී ජය ශ්රී මහා බෝධි අංකුරයන් වහන්සේ ප්රථම වරට ඕස්ට්රේලියානු භූමිය තුල රෝපණය වීමට නියමිත අපගේ බෝධි ධම්ම විහාර භූමිය ගොඩනැගීමේ කටයුතුවල ඉතාමත් වැදගත් කඩඉමක් වෙත පසුගිය දා ලඟාවුණි.
ඒ අනූව විහාර භූමියේ කොන්ක්රීට් කටයුතුවලින් 90% අවසන් කරන ලද අතර ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුලත මේ පුණ්ය භූමියේ වැඩකටයුතු අවසන් අදියර වෙත පැමිණෙනු ඇත.
මාස කිහිපයක් තිස්සේ සෑම සති අන්තයක්ම ස්වෙච්ඡාවෙන්ම මේ සදහා තම දායකත්වය සැපයු සියලූම දෙනාටම බෝධි ධම්ම විහාර කමිටුව අතිශයින්ම කෘතඥතාව පුදකර සිටින අතර එමෙන් ම පැමිණි විශාල පිරිස වෙත ප්රනීත ආහාරපාන ආදිය සකසා තම දායකත්වය දැක්වූ සියලුම දෙනාටමත් අතිශයින්ම ස්තුතිවන්ත වන අතර, නුදුරු දින කීහිපයේ දී බෝධින් වහන්සේගේ රෝපණ මහෝත්සවය සදහා දින නියම කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
එමෙන් ම මේ මහා පුණ්යකර්මය වෙනුවෙන් පෙර පරිදීම ඔබ සියලුම දෙනාගේ දායකත්වය ඉදිරියටත් බලාපොරොත්තු වන්නෙමු !
Shopping Cart