Support Us​

යමෙකු සතර දිගින් වඩිනා මහා සංඝයා උදෙසා විහාරයක් කරවන්නේද එය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානයටත් වඩා මහත්ඵල මහානිශංස වන්නාහ.

වේලාම සුත්‍රය - අංගුත්තර නිකාය - නවක නිපාතය - සිහනාද වග්ගය

"If one were to have a dwelling built and dedicated to the Community of the four directions, that would be more fruitful than... if one were to feed a community of monks headed by the Buddha”.
Velāma-sutta

Now you have the rare opportunity to be part of the first-ever planting in Australia of the Sri Maha Bodhi sapling (the same Bodhi tree under which Lord Buddha became enlightened). Preparations for the construction is underway for the outer wall and the Buddha’s Shrine that will host the sapling. It is our great privilege to invite you to participate in this once in a lifetime event which will bestow good Karma towards you for now and forever. We would like to thank you in advance.

ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රෝපණය කෙරෙණු ලබන අති පුජනීය ජය ශ්‍රී මහාබෝධි අංකුරය සදහා බෝධි ප්‍රාකාරය සහ බුදු මැදුර ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට දායක සභාව කටයුතු කරමින් පවතී. බෞද්ධයන් වශයෙන් මෙලොව පරලොව සුගතිය පිණිස හේතුවන මේ අති දුර්ලභ වුත් මහානිසංස වුත් පුණ්‍යකර්මයට ඔබට හැකි පමණ දායකත්වය ලබා දෙන ලෙස සැදැහැ සිතින් ආරාධනා කර සිටිමු.​

sri maha bodhi

To commemorate the planting of the first Sri Maha Bodhi sapling in Australia, the Bodhi Dhamma Vihara committee decided to give anyone a rare opportunity to contribute to the treasure box planned to be deposited under the Bodhi sapling. There will be a limited number of copper sheets decorated with Buddhist sutras available for you to reserve by paying a designated donation amount.

The Bodhi Dhamma Vihara committee plans to hold a ceremony to deposit the treasure box at the location where the Sri Maha Bodhi sapling will be planted.Those who contributed will be invited to to this ceremony to deposit their copper sheet in their name inside the treasure box. All the donations collected will be directed to build the vihara premises.

අති උතුම් ජය ශ්‍රී මහා බෝධි අංකුර වහන්සේ රෝපණය වන්නාවූ බෝධි මුලයෙහි ,නිදන් වස්තූන් තැන්පත් කිරීමේ, අති දුර්ලභ භාග්‍යය බැතිමතුන් හට උදා කර දීමට බෝධි ධම්ම විහාර කමිටුව තීරණය කරනු ලැබ තිබෙනවා . ඉතාමත්ම සිමිත ප්‍රමාණයක් වූ  විශේෂ වූ  ගාථා රත්නයන් සදහන් මෙම තඹ පත්‍රයන් ඔබ නමින්ම , රන් ආලේපිත මංජුසාවක බහා සියවස් ගණනාවක් පුරා පවතින අකාරයෙන් බෝධි මූලයෙහි තැන්පත් වනු ඇත. බෝධි රෝපණ මහෝත්සවයට ප්‍රථම ඉදිරි මාස කිහිපය තුල මෙම නිදන් වස්තු තැන්පත් කිරීමේ කටයුත්ත අති උත්සවාකාරයෙන් පැවැත්වීමට විහාර කමිටුව කටයුතු සූදානම් කරමින් සිටියි.

මේ සඳහා දායකත්වය සපයන සියලු බැතිමතුන් හට මෙම උත්සවයට පෞද්ගලිකවම සහභාගී වීමට ආරාධනා ලැබෙනු ඇත. නිධන් වස්තු වෙන්කරව ගැනීමේදී ආධාර මුදල් කොටස් ව‍ශයෙන් , ණයපත් හෝ බැංකු තැන්පතු මගින් ගෙවීමේ පහසුකම් සපයා ඇත . මෙමගින් ඔබ සපයන ඔබගේ සියලු අධාර ජය ශ්‍රී මහා බෝධි ප්‍රාකාර පරිශ්‍රය ගොඩනැගීමේ අරමුදලට බැර කරනු ඇත .

මහා භාවානුසම්පන්න රතන යන්ත්‍රය

200mm x 200mm

රතන සූත්‍රයේ ආනුභාවය, ආරක්ෂාව සක්වළ ලක්ෂ කෝටියක පැතිරී ඇති බව අපි දනිමු.විසාලා මහනුවර දී යම් ආශීර්වාදයක් රතන සූත්‍රය මුල් කරගෙන සැලසුනා නම් මේ දුර්ලභ පුණ්‍ය කටයුත්තට සහභාගී වීමෙන් ඔබ ඇතුළු සියලු දෙනාටමත් , එම ආශීර්වාදයම ලැබේවායයි අපගේ ප්‍රර්ථනාවයි

සබ්බ පාපස්ස ගාථා යන්ත්‍රය

60mm x 135mm

ආනන්දය , අද මම නුබට ලෝකයේ සියලු බුදුවරයන් වහන්සේ දේශනා කළ අවවාදය දේශනා කරමි. මාගේ මේ බුද්ධ අවවාදය මනා සිහි තබා ගෙන සිට ආරක්ෂා කරන්න යනුවෙන් උන්වහන්සේ ඕවාද ප්‍රතිමොක්ෂය ” සබ්බ පාපස්ස අකරනං ” යන පද සතරින් දේශනා කල සේක;

Donate Offline

Make your payment directly into our bank account.
Account: Bodhi Dhamma Buddhist Association
Bank: Bendigo Bank
BSB: 633000
Account Number: 172419707

මේ උතුම් වූ පුණ්‍ය කටයුත්ත සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැන් ගැනීමට අවශ්‍ය වෙතොත් , පහත සදහන් දුරකථනය අංකයන්ට ඇමතීමෙන් හෝ විද්‍යුත් තැපැල්  ලිපිනයට ඔබගේ විස්තර එවීමෙන් ලබාගත හැක.

If you would like to know more information about our projects or you would like to reserve a treasure, you can contact us through the following numbers or email.

President: 0430 712 788 
Vice President: 0490 199 643 
Treasurer: 0449 250 851  

Email: info@bodhidhammabgo.org.au

Shopping Cart