පියගැට පෙලවල් සදහා කොරවක් ගල් තැබීම අවසන් කරන්නට යෙදින

ඉදිරි සති කිහිපය තුල විහාර හූමියේ බෝධි මණ්ඩපය සහ බුදු මැදුර කොන්ක්රීට් කිරීමට අවශ්ය මූලික කටයුතු මේ දිනවල සිදුකරන අතර , ඒ සමගාමීව පියගැට පෙලවල් සදහා කොරවක් ගල් තැබීමද මෙම සති අන්තයේ සිදු කරනු ලැබිනි.
නිරන්තරයෙන් මේ සදහා තම වෘත්තීය දැනුම ලබා දෙන මෙල්බර්න් සිට පැමිණෙන අපගේ කණ්ඩායමට අමතරව මෙම කටයුතු සදහා ආරම්හයේ සිටම උපකාර ලබාදෙන පියුමි හේවාවසම් මහත්මිය සහ නලින් බන්ඩාර මහතා ඇතුළු වෙරීබී (Weribee) නගරයේ ශ්රී ලාංකික සංස්කෘතික පදනමේ සමාජිකයන් විශාල ප්රමානයක්ද මෙදින තම ශ්රම දායකත්වය ලබා දෙනු ලැබිණ.
මේ සියලූම පිරිසටත් ආහාරපානාදිය සපයා දීමෙන් නිරතුරුව සහයෝගය ලබා දෙන බෙන්ඩිගෝ සොයුර සොයුරියන්ටත් අපගේ කෘතඥතාවය පිරිනමන අතර , මේ කුසලානිසංසය ඔවුන්ගේ ජීවිත නිදුක් නීරෝගී චිර ජීවනය සදහාම හේතු වාසනා වේවායි පතන්නෙමු.
Shopping Cart