බුදු මැදුර පරිශ්‍රයන්හි ලෝහ කම්බි බැදීම

බෝධි ධම්ම විහාරයේ ඉදි කිරීමේ කටයුතුවල කඩ ඉමක් පසු කරමින් බෝධින් වහන්සේ සහ බුදු මැදුර පරිශ්රයන්හි ලෝහ කම්බි බැදීම මෙම සති අන්තයේදී නිම කරන ලදි.
මේ උතුම් වූ සත් කාර්යය සදහා සදහා තම විශේෂඥ දැනුම අප වෙත ලබා දුන් දයා දයාවංශ මැතිතුමාටත් මෙල්බර්න් සිට පැමිණ සියලු කටයුතු සදහා තම වෘත්තීය දැනුම ලබා දුන් බණ්ඩාර ඉලංගරත්න , ලක්මිනී ජයසිංහ මහත්වරු ඇතුළු කණ්ඩායමටත්
ශ්රමය සහ කාලය මෙන්ම ප්රනීත අහාර පාන සපයා දුන් බෙන්ඩිගෝ වෙසෙන පවුල්වල සාමාජිකයන් සහ නිවාඩුව සදහා මෙරටට පැමිණ සිටින අතර මේ සදහා දායක වූ ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු සියළුම දෙනාටමත්, බෝධි ධම්ම විහාර කමිටුව අතිශය කෘතවේදී වන අතර මෙමගින් අත්පත් කර ගත්තාවූ මහා කුසලානිංසය සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා යැයි ප්රාර්ථනා කරමු.
මෙම මහා පුණ්ය භූමිය නිම කිරීම සදහා සියළු දෙනාගේම උපකාරය ඉදිරියටත් බලාපොරොත්තු වන්නෙමු.
Shopping Cart