පියගැට පෙලවල්, සදකඩ පහන් සහ මුරගල් විහාර භූමිය තුල තැන්පත් කරන්නට යෙදිනි

විජය ශ්රී ජය ශ්රී මහා බෝධි අංකුරයන් වහන්සේ ප්රථම වරට ඕස්ට්රේලියානු භූමිය තුල රෝපණය වීමට නියමිත අපගේ බෝධි ධම්ම විහාර භූමිය ගොඩනැගීමේ කටයුතුවල පසුගිය වසර දෙකක කාලයක් පුරා තම කාලය ධනය සහ ශ්රමය කැප කරන ලද්දාවූ සියලුම දෙනාටම ඊයේ දිනය අතිශය සුවිශේෂ වූ දවසක් වූ අතර , බෝධීන් වහන්සේ වෙනුවෙන්ම අප මව්බිම තුල කළු ගලින් නිර්මාණය කරන ලද්දා වූ පියගැට පෙලවල්, සදකඩ පහන් සහ මුරගල් විහාර භූමිය තුල තැන්පත් කරන්නට යෙදිනි.
ඊට අමතරව පුණ්ය භූමිය සම්පූර්ණ වශයෙන් පවිත්ර කිරීමත් එදිනට සිදු කරනු ලැබූ අතර ඒ සදහා බෙන්ඩිගෝ වෙසෙන අප සාමාජිකයනට අමතරව ඉතා දුර බැහැර සිට විශාල පිරිසක්ද තම ශ්රම දායකත්වය ලබා දීම සදහා පැමිනුන අතර . ඒ සියලුම දෙනාට බෝධි ධම්ම විහාර කමිටුව අතිශයින්ම කෘතඤ වෙමු.
ඊට අමතරව පැමිණි විශාල පිරිස වෙත ප්රනීත ආහාරපාන ආදිය සකසා දීමෙන් තම දායකත්වය දැක්වූ සියලුම දෙනාටමත් අතිශයින්ම ස්තුති වන්ත වන අතර , මේ පුණ්ය කටයුත්තට සහභාගී වීමෙන් කරගත්තවු කුසල කර්මයන් , සසරින් එතෙර වීමට හේතු වාසනා වේවයි පතමු.
Shopping Cart